ගෝලීය පරිවර්තනයන් සිදු වන අවස්ථාවේ ශ්රී ලංකාව පසු වන්නේ සිය ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන් ශ්රී ලංකාව මේ වන විට තිරසාර සහ සහභාගිත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටින බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජපානයේ පැවති එක්ස්පෝ 2025 ශ්රී ලංකා දින වැඩසටහනට එක් වෙමින්.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සදහන් කළේ සංවර්ධනයේ සමෘද්ධිමත්භාවය තුළින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කිරීමට සහතික වන බවයි.
ජපානය සහ ශ්රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වයද මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කළා.
ශ්රී ලංකාවේ සමීප මිතුරෙකු වන ජපානය දුෂ්කර කාලවලදී මෙරට වෙත සහාය වෙනවා සේම සාර්ථක කාලවලදී එම සතුට සැමරීමටද එක් වන ශක්තිමත් හවුල්කරුවෙක් බවයි ජනාධිපතිවරයා පෙනුවා දුන්නේ.