මාගම්පුර වරාය කළමනාකරණ සමාගම පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය මුදලක් නිසි පරිදි ගෙවීම් කටයුතු සිදු කර නොමැති බව අනාවරණය වී තිබෙනවා .
මේ බව අනාවරණය වුයේ පසුගියදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට වරාය අධිකාරියේ නිලධාරින් කැඳවූ අවස්තාවෙදියි.
එහිදී ඩොලර් මිලියන 24 ක ණය මුදලක් මාගම්පුර වරාය කළමනාකරණ සමාගම විසින් එම පෞද්ගලික බැංකුවෙන් ලබා ගෙන තිබෙනවා.
කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත්තේ ඉන් රුපියල් කෝටි 683 ක මුදලක් යලි පියවා නොමැති බවයි .
මෙම මුදල අය කර ගැනීම සදහා එම බැංකුව පරිපාලික සමාගමට සහ අධිකාරියට විරුද්ධව නඩු දෙකක් පවරා ඇති බවද අනාවරණය වුනා.
මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බව වරාය අධිකාරිය මෙහිදී සදහන් කළා .
එහි නිලධාරින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ 2022 වසරේ ජුනි මාසයේ සිට ඈවරකරුවකු පත්කර මාගම් පුර වරායේ කළමනාකරණ සමාගම ඈවර කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවයි.
සමාගම ඇවර කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බව පෙන්වා දෙන කෝප් කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ,ණය ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ද නිර්දේශ කළා.
මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර අදාල නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් අභ්‍යන්තර විගණන අංශය නිවැරදිව අධීක්ෂණයට ලක් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් කෝපා කමිටුව නිර්දේශ කරනු ලැබුවා.