කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
තැබීමෙින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මහවත්ත ඔරලෝසු කණුව අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබුණා.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වුනේ.
මේ අතර මරදාන ප්‍රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
අද අලුයම 1.40ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වුනේ.
පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
උණුසුම් පුවත්
- රුසියාවෙන් යුක්ක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්
- අනතුරුදායක ලෙස තරගෙට බස් එලවලා වෙච්චි දෙයක්
- තංගල්ලෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා බවට සැක රසායන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
- බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි
- ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙසට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
- ප්‍රදේශ කිහිපයකට වැසි
- පූර්ණ චන්ද්‍රගහණය අද රාත්‍රියේ
- පොහොට්ටුවේ චෝදනාකරුට අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න