ඇමෙරිකානු නාවික හමුදාවට අයත් සැන්ටා බාබ්රා නෞකාව අද කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම නෞකාව මෙරටට පැමිණෙන පළමු සංචාරය මෙය වන බවයි.
මෙමගින් එක්සත් ජනපද-ශ්රී ලංකා හවුල්කාරිත්වයේ ශක්තිය, ආරක්ෂිත, සමෘද්ධිමත් සහ නිදහස් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වන අපගේ හවුල්කාරී කැපවීම අවධාරණය කරන බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
සැන්ටා බාබ්රා යනු ලොව විශාලතම ඉදිරි පෙළ බලඇණියට අණ දෙන එක්සත් ජනපද 7 වන බලඇණියේ කොටසක්.
එහි ප්රධාන මෙහෙවර වන්නේ, බටහිර පැසිෆික් සහ ඉන්දියානු සාගරවල සිය හමුදාවන්ට මෙහෙයුම් පාලනය සහ සැලසුම් සැපයීමයි.
සැන්ටා බාබ්රා නෞකාව, ආක්රමණ වැළැක්වීම, සන්ධාන සහ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ අනාගත යුද සටන් හැකියාවන් දියුණු කිරීම සඳහා නිතිපතා ඉන්දු-පැසිෆික් කලාපයේ මුර සංචාරයේ නිරත වනවා.
උණුසුම් පුවත්
- රුපියල් මිලියන පනහක කේරළ ගංජා තොගයක් කොටු
- ලොහාන් දේශපාලන දඩබ්බරයෙක් – හිටපු ජනපති මහින්දගෙන් සටහනක්
- තවත් අධිකරණ විනිසුරුවරයකුගේ වැඩ තහනම්
- පොල් ගෙඩියක් හිස මතට වැටී දරුවෙක් මරුට
- බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ
- තැපෑලේ සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගින්නක්
- ගාලු කුමාරි වැරදි මග යයි