හොරණ නගර සභා සැසිවාරය ඊයේ (12 දා) පැවති අතර පසුගිය මස ඉල්ලා අස්වූ මන්ත්රී වෙනුවට පුරප්පාඩු මන්ත්රී ධුරයට එක්සත් ජාතික පක්ෂ නගර සභා හිටපු විපක්ෂ නායක රජීව් ගුණසේකර පත්කර ඇත.
එම පත්වීමත් සමගම මන්ත්රීවරයා ඊයේ සභා සැසිවාරට පැමිණ තිබූ අතර ඉල්ලා අස්වූ හිටපු මන්ත්රී සන්දනම් ජොන්සන් පෝල්ද සභාව ආරම්භ වීමට ප්රථමයෙන්ම සභා ගර්භයේ වාඩි වී සිටි අතර සභාව පෙරවරු 10.00ට ආරම්භ විය. ඉන් අනතුරුව සභාපතිවරයා සභාව ආරම්භ වීමට ප්රථමයෙන් සභාවේ මන්ත්රී සභිකයන් ගණන 13ක් බවත් මෙහි මන්ත්රීවරු 14 සභාවේ සිටින බැවින් සභාව පවත්වාගෙන යෑමට නොහැකි බවත් හිටපු මන්ත්රීවරයා ගෙන් යම් ලියවිල්ලක් ඔස්සේ පැමිණ ඇති බව සභාවට දැනුම් දෙන ලදී.
නව මන්ත්රීවරයාගේ පත්වීම ඇතුළත් ගැසට් නිවේදනය සාරංග දිසාසේකර මන්ත්රීතුමා සභාවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව සභාපතිවරයා තවදුරටත් සභාව පවත්වාගෙන යෑමට නීති ප්රතිපාදන නොමැති බැවින් දින 14 ක් දක්වා සභාව කල් තබන ලදී.