හබරණ පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටුඔය පාලම අසලදී මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික මගී බස්රථයක් හබරණ දෙස සිට පොලොන්නරුව බලා ධාවනය වූ ටිපර් රථයක ගැටීම නිසා පුද්ගලයන් විසිහයදෙනකු තුවාල ලබා හබරණ සහ පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.
ඊයේ (12) අලුයම 3.40 ට පමණ මෙම අනතුර සිදුවී ඇත. පුද්ගලයන් පස්දෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව ද පොලිසිය වැඩිදුරටත් පවසයි