මෙරට පරිහරණයට තහනම් රුපියල් ලක්ෂ 35කට අධික වටිනාකමින් යුත් ඊ දුම්වැටි 620ක් සමග පුද්ගලයකු පෙරේදා (09දා) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
වැල්ලවත්ත, ස්ටැෆ් පාරේ සුවඳ විලවුන් සහ චොක්ලට් අලෙවියේ යෙදෙන ස්ථානයක ඊ දුම්වැටි හොර රහසේ අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව මෙම ස්ථානය වටලා තිබේ.
සුවඳවිලවුන් හා චොක්ලට් අලෙවිකරන අතරවාරයේ එහි සඟවා වෙනත් පුද්ගලයන් මාර්ගයෙන් මෙම ඊ දුම්වැටි ගෙන්වාගෙන රුපියල් 8000ත් 10,000ත් අතර මිලකට අලෙවි කර ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරියේ පදිංචි 42 හැවිරිදි අයෙකි. සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාර, කොළඹ දකුණ ෂෂ සහකාර පොලිස් අධිකාරි ප්‍රියන්ත ඒකනායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහඳවල මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවෝද් හේෂාන් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සඳහා සහභාගි වී ඇත.