කෙහෙල්බද්දර පද්මෙ සහ දරූන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා මෙහෙය වන මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන පෙළේ ජාවාරම්කාරියක ඇතුළු කුඩු ව්‍යාපාරිකයන් තිදෙනකු රුපියල් කෝටියකට ආසන්න වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමග පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (11දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින ගම්පහ පස් දේවාගෙන් ප්‍රශ්න කිරීමේදී ගම්පහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මෙම සැකකාරිය ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
දේවාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මුල්ම ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ හෝටලයක සිටියදීය. එම ජාවාරම්කරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 251ක් සොයාගැනීමට හැකි විය.
එම ජාවාරම්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී ගම්පහ ප්‍රදේශය පුරා අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින 56 හැවිරිදි කාන්තාවක පිළිබඳ තොරතුරු හෙළි විය. අත්අඩංගුවේ පසු වූ ජාවාරම්කරුගේ මාර්ගයෙන් එම කාන්තාව ගම්පහ නගරයේ සුපිරි වෙළෙඳසලක රථ ගාලට ගෙන්වා ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
ජාවාරම්කාරිය සතුව ඒ මොහොතේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් තිබී පොලිසිය සොයාගත්තේය.
පසුව එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇගේ නිවසේ තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සොයාගත් අතර එහි සිටි තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
මෙම ජාවාරම්කරුවන් සියලුදෙනා විදෙස්ගතව සිටින දරූන් සහ පද්මෙ සමග සම්බන්ධතා පවත්වාගෙන යමින් ඔවුන් මෙරටට එවන අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම කරගෙන යන අය බව පොලිසිය පවසයි.