තමා විවාහකයකු බව වසන් කර තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යමින් සිටියදී
තරුණිය ඔහු විවාහක බව දැන ගැනීමෙන් පසු එම සම්බන්ධය නතර කර දැමීමට තීරණය කිරීමත් පසු
ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇයට තර්ජනය කළ බව කියන විවාහකයකු අත්අඩංගුවට
ගත් බව මිරිහාන පොලිසිය පවසනවා
එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේෂලා බෝගහවත්ත මහත්මියට
අදාළ තරුණිය විසින් කරන ලද පැමිණිල්ලකින් පසු සැකකරු කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා
සැකකරු රත්නපුරේ පදිංචි 35 හැවිරිදි අයකු බව පොලිසිය පවසනවා. සිද්ධියට මුහුණ දුන් තරුණිය 21 වෙනි වියේ පසුවනවා.
අදාළ තරුණියට සැකකාර විවාහකයා හමුවී ඇත්තේ ෆෙස්බුක් හරහායි.
එහිදී දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැඟී තිබෙනවා. සැකකරු විවාහක පුද්ගලයකු වුවත් තමා විවාහකයකු නොවන බවයි පවසා ඇත්තේ
තමා කොළඹ ආයතනයක රැකියාවක් කරන බව පවසා ඔහු ඇය සමග වසරක කාලයක්
ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේනවා.
ඒ අතරේ ඔහු ඇගේ නිරුවත් ඡායාරූප ද අන්තර්ජාලය හරහා ගෙන්වාගෙන තිබෙනවා.
මෙම සම්බන්ධය පවත්වාගෙන යන අතරේ තරුණියට එම පුද්ගලයා විවාහකයකු බව දැනගන්නට ලැබී තිබෙනවා.
මේ හේතුවෙන් ඇය එම සම්බන්ධය නතර කර දමන ලෙසට ඔහුට පවසා තිබෙනවා.
මෙයින් කෝපයට පත් ඔහු එම තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇයට තර්ජනය කර තිබෙනවා,
අත්අඩංගුවට ගත් සැකකරු දරුවන් දෙදෙනකුගේ පියකු බව පොලිසිය පවසයි.