වාර්ෂික පැවැත්වෙන ශුද්ධ වූ මරදමඩු මංගල්‍යය සඳහා කිතුනු බැතිමතුන්ගේ සුවපහසුව වෙනුවෙන් මීගමු කලාපීය අනුනායක සාන්ත කුමාර වැලිවිට පියනමගේ ඉල්ලීමකට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දුම්රිය දෙකක් ලබාදීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න කීය.
ඇමැතිවරයා එසේ කියා සිටියේ 11 වන දා මීගමුව නගර සභාවේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදීය.
ඒ අනුව අද (අගෝ. 13) රාත්‍රී 9:00ට මීගමුවෙන් විශේෂ දුම්රිය පිටත් වීමට නියමිත අතර මරදමඩු මංගල්‍යය සඳහා ගමන් ගන්නා බැතිමතුන් වෙනුවෙන් කුරණ, කටුනායක, සීදුව, ජාඇළ, කඳාන, රාගම යන දුම්රිය ස්ථානවල දුම්රිය නතර කරනු ලබන අතර රාගම සිට ගම්පහ, වේයන්ගොඩ, මීරිගම යන දුම්රිය ස්ථානවලදී ද බැතිමතුන්ට දුම්රියට ගොඩ විය හැකි බව සඳහන් කළේ ය.
මරදමඩු මංගල්‍යය සඳහා සූදානම් කර ඇති මෙම දුම්රිය අද රාත්‍රී 9.00ට මීගමුවෙන් පිටත්වීමට නියමත අතර නැවත මංගල්‍ය පූජා කටයුතු අවසන් වීමත් සමග ලබන 15 වන දා සවස 4:00ට මීගමුව බලා දුම්රිය පිටත් වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යවරයා තවදුරටත් කීය.