ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.
නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්විත මෙම ගිනි කන්දේ ලාකී-ලාකී කොටස මෙලෙස සක්‍රිය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර සිටියේ, එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8:48ට පමණ ගිනිකන්ද සක්‍රීය වූ බවයි..
ඉන්දුනීසියානු ගිනිකඳු ඒජන්සියට අනුව සක්‍රිය වූ ගිනි කන්දේ අළු දුමාරය කිලෝමීටර 10ක උසක් පුරා අහසේ විසිරී තිබෙනවා.
මේ අතර මෙම කාලයේ අධික වර්ෂාවක් ඇති වුවහොත් ගිනි කන්දෙන් පිටවූ ලවා නායයෑමකට ලක් වීමේ අවධානමක් ඇති වන බවද එම ඒජන්සිය අනතුරු අගවා තිබෙනවා.
ඒ හේතුවෙන් ගිනි කන්දේ ආවාටයෙන් කිලෝමීටර් 6 ත් 7 ත් අතර ප්‍රදේශයක සිටින ජනතාවට අවධානයේ සිටින ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.
විශාල දූපත් සමූහයකින් සමන්විත ඉන්දුනීසියාව, පැසිෆික් ‘ගිනි වළල්ල‘ මත පිහිටා තිබීම හේතුවෙන් ඔවුන්ට නිතර භූකම්පන සහ ගිනිකඳු පිපිරීම්වලට මුහුණදීමට සිදුව තිබෙනවා.