බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් දහසය දෙනෙකුට ලබන ජූලි මස දෙවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. ඒ අතර විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙකු, බන්ධනාගාර අධිකාරීවරයෙකු, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අට දෙනෙකු, වැඩබලන බන්ධනාගාර අධිකාරීවරුන් පස් දෙනෙකු ඇතුළත් වනවා. මේ අනුව, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඒ.සී. ගජනායක මහතා බෝගම්බර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර මූලස්ථානයටත්, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඩී.ආර්.එස්. සිල්වා මහතා මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයටත් මාරු කර යවා තිබෙනවා. වැඩබලන බන්ධනාගාර අධිකාරී සුදන් රෝහණ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සොහොයුරා වන සහකාර බන්ධනාගාර අධිකාරී එන්. උපුල්දෙණිය මහතා මැගසින් බන්ධනාගාරයේ සිට වටරැක බන්ධනාගාරටත්, සහකාර බන්ධනාගාර අධිකාරී ආර්. ප්‍රභාත් මහතා වීරවිල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටත් මාරු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- පැය 24 ක් තුල ගාසා තීරයේ පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය ළඟ තබාගත් දකුණු අප්රිකානුවාට ලැබුණු තීන්දුවට
- ජාතික බලශක්ති දිනය බලශක්ති අමාත්‍ය ප්‍රධානත්වයෙන්
- මැයි මාසයේ තේ අපනයනට ඉහළට
- සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අත්අඩංගුවට
- කෙහෙළියට අධිචෝදනා
- අඹගමුව ප්‍රා.සභා සභාපති සජබෙන් උප සභාපති මාලිමාවෙන්
- දුමින්ද යළි රිමාන්ඩ්