2025 වසරේ ලොව හොඳම පවුල්-හිතකාමී ගමනාන්තය ලෙස ශ්රී ලංකාව ශේණිගත කර තිබෙනවා.
ලොව සුප්රසිද්ධ සංචාරක සඟරාවක් වන කොන්ඩේ නස්ට් ට්රැවලර් සඟරාව විසින් ශ්රී ලංකාව මෙලෙස ශේණිගත කර තිබුණා.
ශ්රී ලංකාවේ සුන්දර වෙරළ තීරයන් , ජෛව විවිධත්වය ඓතිහාසික උරුමයන් මෙන්ම විශිෂ්ඨ ආගන්තුක සත්කාර ආදිය මෙම ශේණිගත කිරීමට හේතුවී ඇති බවයි එම සගරාව සදහන් කළේ.
ශ්රී ලංකාවේ පවුල් හිතකාමී බැදීම මෙම සඟරාව විශේෂයෙන් අගය කර තිබෙනවා.
ස්වීඩනය, නෝර්වේ සහ නවසීලන්තය වැනි රටවල් හා සැසදීමේදී ශ්රී ලංකාවේ නැරඹිය යුතු ස්ථාන බොහෝ පවතින බවයි එම සගරාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ..
ඒ අනුව ලොව හොදම පවුල් හිතකාමී ගමනාන්තය ශ්රී ලංකාව බවයි කොන්ඩේ නස්ට් ට්රැවලර් සඟරාව නම් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- චීනයේදී වෙන්දේසි කිරීමට ගිය පුරාවස්තු බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට අවස්ථාව
- ත්රී රෝද රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මිය යයි
- වරාය හා ගුවන්තොටුපොළ E ගේට්ටු පද්ධති ස්ථාපනය කඩිනම් කෙරේ
- බිඳ වැටුණු දත්ත පද්ධතිය ගැන පැහැදිලි කිරීමක්
- බ්රසීලයේ කුකුළු මස් අපනයනයට තහනමක්
- ඩිජිටල් ආර්ථික සංවර්ධනයට රජයේ ඇති සැලසුම් ගැන සාකච්ඡා
- යුක්රේනයේ මගී බස් රථයකට රුසියානු ප්රහාරයක්
- භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 21 වනදා