ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මත එළඹෙන 15 වනදා සිට තමා ලේකම් ධුරයෙන් ඉවත් වන බව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දී ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම එම සභාව පිළිගෙන ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා .
පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක මහතා 2023 වසරේ මැයි 25 වනදා එම ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවා.
කෙසේ වෙතත් පසුව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයට එම වර්ෂයේදීම පත් කර තිබෙන බවටයි සදහන් වන්නේ.