පස්සර උඩගම ප්‍රදේශයේ දැරියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා..
අදාළ දැරියය ඊයේ රාත්‍රියේ රෝහල්ගත කර තිබූ අතර දැරියව පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම මරණය සැකසහිත මරණයකවන බවයි.
ඒ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය සදහන් කළේ..
මෙලෙස මියගොස් ඇත්තේ 07හැවිරිදි උඩගම, පස්සර ප්‍රදේශයේ පදිංචි දැරියක්.
අදාළ දැරිය මියයෑමට පෙර සතියක පමණ කාලයක සිට උණ රෝගය හා සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් කිහිප අවස්ථාවකදීම ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි මූලික විමර්ශන වලදී අණාවරණය වී ඇත්තේ.
කෙසේවෙතත් දැරියගේ ශරීරයේ තුවාල සළකුණු ඇති බවට දැරිය පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇති හෙයින් මෙම මරණය සැකසහිත මරණයක් බවට තීරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- පාකිස්ථානයෙන් ඉන්දියාවට ප්‍රකාශ මාලාවක්
- මේ මස මුල් සතියේ සංචාරකයින් 30,000 ක් දිවයිනට
- වෙසක් සතිය ඇරඹෙයි – ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමියන්ගේ පණිවිඩය
- ධම්මික දසනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන්ඉවත් වෙයි
- කොටහේනේ සියදිවි නසාගත් දැරියට ගුරුවරයා ලිංගික අතවර කල බවට අනාවරණයක්
- ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය සැරසෙයි
- සුරාබදු ආදායමේ වාර්තාගත වර්ධනයක්
- සිසුවියක් සිය දිවි හානි කර ගැනීම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශන