දකුණු සුඩානයේ ෆන්ගක් ප්‍රාන්තයේ රෝහලකට සහ වෙළඳපොළකට සිවිල් යුධ කණ්ඩායමක් විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි
මෙම ප්‍රාන්තයේ ඇති එකම රෝහල මෙය වන අතර මෙම ප්‍රහාරයත් සමග එහි සියලුම වෛද්‍ය සැපයුම් විනාශ වී ඇති බව සදහන්.
කෙසේ වෙතත්, සුඩාන රජය විසින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.