
කොස්ගොඩ ප්‍රදේශයේ දී අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කර ගනිමිනුයි මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ. කෙසේවෙතත්, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් දෙවරක්ම වෙඩි තැබීමට උත්සාහ කළ ද අවස්ථාවන් දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බවයි වාර්තා වන්නේ.














