
තෙල්දෙණිය, වික්ටොරියා ප්‍රදේශයේදී ෆෙස්බුක් සාදයක් වටලා සැකකරුවන් 36දෙනෙකු හා සැකකාරියන් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබී ගංජා මිලි ග්‍රෑම් 947ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 657ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 276ක්, මල්පෙති 18ක්, නීතිවිරෝධී දුම්වැටි 21ක්, පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21ත් 40ත් අතර වයස්වල පසුවන ගෙලිඔය, අළුත්වත්ත, වරකාපොල, පේරාදෙණිය, අම්පිටිය, මහනුවර, හඟුරන්කෙත ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.














