
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නාවික හමුදාව සහ පොලීසිය නොරාච්චෝලේ පනිඅඩිය ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදි සිය භාරයට ගෙන තිබෙනවා. පුද්ගලයෙකු නොමැතිව නවතා තිබූ ලොරි රථයක් නිලදාරීන් විසින් පරීක්ෂා කිරීමේදී එහි අසුරා තිබූ සැක කටයුතු උර 38ක් තුළ මෙම බීඩිකොළ තොගය අසුරා තිබූ බවයි වාර්තා වන්නේ. ඒ අනුව ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කිලෝ 1,464 කට අධික බීඩි කොළ තොගයක් මෙහි අසුරා තිබූ බව සඳහන්.














