හැටන් ප්රදේශයේ පාසල් ළමුන් සහ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් ප්රවාහනය කරන බස් රථ හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.
මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණු බස් රථ 17 ක තිබූ අඩුපාඩුකම් සහ එම බස්රථවලට සවි කර තිබූ අමතර උපාංග ගලවා ඉවත් කිරීමට දින 14 ක කාලයක් ලබා දුන් බවයි හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පවසන්නේ.
ඇතැම් රියදුරන් හට මගී සේවා රියදුරු බලපත්රයක්වත් නොමැති බවට මෙහිදි අනාවරණය වී තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්රදේශවල සිදු වූ බස්රථ අනතුරු හේතුවෙන් හැටන් පොලිසිය විසින් මෙම හදිසි පරීක්ෂාව සිදු කරනු ලැබුවා.
– Vide