
මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේ කෝවිලක පැවැති වාර්ෂික උත්සවයක් අතරතුර දල්වන ලද මල්වෙඩිල්ලක් පිපිරී වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කිරාන්, කුලාක්කාඩු ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්.
ඊයේ රාත්‍රී 11ට පමණ කෝවිලේ රාත්‍රී උත්සවය අතරතුර මල් වෙඩිල්ලක් දල්වා ඇති අතර, එය පිපිරී නොයෑම හේතුවෙන් එම ස්ථානයෙන් ඉවත්කර තිබුනා කෙසේ නමුත් මියගිය දරුවා එම මල්වෙඩිල්ල බැලීමට ගිය අවස්ථාවේදී එය එකවරම පිපිරී ගොස් ඇති බවයි වාර්තා වන්නේ .














