ලබන වසරේ දී පාසල් සිසුන්ට අවශ්‍ය සම්පූර්ණයෙන් නිල ඇඳුම්, පරිත්‍යාග කිරීමට චීන රජය සූදානම් බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් පවසනවා.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ, ගම්පහ කැප්පෙටිපොළ ජාතික පාසලේ පැවති අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.