ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි පිටියේදී ආරම්භ වුණා.කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායකයා තීරණය කළ අතර ඊයේ දිනයේදී පළමු දිනයට තරගය නිමා වන විට ඔවුන් කඩුළු අටක් දැවී ලකුණු 220 ක් ලබා සිටියා. එහිදී බංග්ලාදේශ පිළ වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු සද්මන් ඉස්ලාම් ලකුණු 46 ක් ලබා ගත් අතර මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් පිළිවෙලින් ලකුණු 35 ක් සහ ලකුණු 34 ක් බැගින් වාර්තා කළා. ඊයේ දිනය පුරාවට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් තරගයේ පාලනය තමන් නතු කර ගැනීමට සමත්වීමද විශේෂත්වයක්. එහිදී ආරම්භක වේග පන්දු යවන්නන් වූ අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් වූ අතර ඊයේ දිනයේ ටෙස්ට් වරම් ලබා ගත් තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂද කඩුළු දෙකක් දවා ගැනීමට සමත් වුණා. මීට අමතරව දඟ පන්දු යවන්නන් ලෙස නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් වුණා.
	උණුසුම් පුවත්
	
				- මධ්‍යම ආසියානු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි
 - ජනාධිපති කුසළාන වොලිබෝල් පිරිමි අංශයේ ජය රන්තරු ක්‍රීඩා සමාජයට
 - නේපාලයේ රෝල්වාලින් තුල දරුණු හිම කුණාටුවක්
 - ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග වලට සහයෝගය දක්වනවා -මහින්ද අමරවීර
 - ඉන්දීය ධීවර යාත්‍රා 4ක් මෙරට නාවික හමුදා භාරයට
 - කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක්
 - රාජ්‍ය සේවයට 60,000ක්
 - අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට
 













