බලහත්කාරයෙන් නොව තම පාර්ශවය මහජන චන්දයෙන් රටේ පාලනය සදහා පත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා පවසනවා .
ඔහු මේ බව සදහන් කලේ සිය පක්ෂ කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .
මේ අතර වර්තමානයේ රට පත්ව ඇති තත්වයට එක් කල්ලියක් දෙකට බෙදී සිදු කල ක්‍රියාකාරකම් හේතු වූ බව ජාතික ජන බලවේගයේ මධ්‍යම කාරක සභික නලීන් හේවගේ මහතා පවසනවා .
ඔහු මේ බව සදහන් කලේ සුරියවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් .
ප්රජාතන්ත්රවාදී රටක කෙසේ හෝ මැතිවරණය පැවැත්විය යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා .