ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කඩිනම් කිරීම සදහා ජානධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ජනධිපතිවරයා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනා.
එහිදී මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
රේගු ක්‍රියාවලියේ පවතින සංකීර්ණතා හේතුවෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා වී තිබෙනවා.
2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, රේගු දෙපාර්තමේන්තුවේ ආයතනික ක්‍රියාවලිය ඩිජිටල්කරණයට මේ දක්වා ගෙන ඇති තාක්ෂණික විසඳුම් සහ එහිදී මතුව ඇති අභියෝග පිළිබඳවද අවධානය යොමු වී තිබෙනවා