මුලතිව් කයිවේලී පාසලේ විදුලි පංකා ගලවා ගෙන ගොස් විවිධ පුද්ගලයින්ට අලෙවි කර තිබියදී පුදුකුඩීඉරිප්පු පොලිසිය එම සැකකරු හා විදුලි පංකා මිලට ගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් පාසලේ ගොඩනැගිලි 03 ක තිබූ විදුලි පංකා 12ක් ගලවා ගෙන ගොස් වරින් වර ඒවා අලෙවි කර, එම මුදලෙන් මත්ද්‍රව්‍ය පානය කර ඇති බව පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී තිබෙනවා.

සැකකරුවන් තිදෙනා මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

WhatsApp Group

Skip to content