අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ග්‍රාම නිලධාරී සංගම් එකමුතුව තීරණය කර තිබෙනවා.
ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී සඳහා වර්තමානයේ දෙන පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.
ඒ පිළිබඳ අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කළ ද කිසිදු පියවරක් ගෙන නොමැති බවයි ඒ මහතා පවසන්නේ.
ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සහ ග්‍රාම නිලධාරීන්ගේ දීමනා හැකි ඉක්මනින් වර්තමානයට ගැලපෙන ලෙස ඉහළ දැමිය යුතු බව නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කලා..