13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව 5000ක් මහා සංඝරත්නය අද දිනයේ දී කොළඹට වැඩමවීමට නියමිත බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.
ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන් වහන්සේ කියා සිටියේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් බලතල සහ පොලිස් බලතල ලබා දීමෙන් රට දෙකඩ වෙන්නෙ නොමැති බව පවසනවා නම් තමන් ඔවුන්ට එම යථාර්ථය අවබෝද කරදීම පිණිස සුදානම් බවයි .
අදින් ආරම්භ වන සටන මුළු රට ම එක මිටට ගෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙළගස්වන බව ද උන්වහන්සේ එහි දී වැඩිදුරටත් පැවසුවා.