මෙවර ජනාධිපතිවරණයේදී පළමුවරට දෘශ්‍ය ආබාධිත සහ ශ්‍රව්‍ය ආබාධිත පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැළසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව දෘශ්‍ය ආබාධිත පුද්ගලයන්ට බ්‍රේල් ක්‍රමයෙන් සහ ශ්‍රව්‍ය ආබාධිත පුද්ගලයන්ට සංඥා භාෂාවෙන් තම ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනාගැනීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.