දිවයින ආශ්‍රිත පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අද දිනයේදී අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකියි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවටයි එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ.
උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
නැගෙනහිර, උතුරු – මැද, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වල මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කලා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් උතුරු පළාතේ විටින් විට හමන පැයට කිලෝ මීටර 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්.













