වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ ඊජිප්තුවේ මෙරට තානාපතිවරයා අතර ද්වීපාර්ශවීය සාකච්ඡාවක් ඊයේ වෙළඳ අමාත්‍යාංශයේදී පැවැත්වුනා.
මෙහිදී වෙළෙඳාම හා ආර්ථික සහයෝගීතාවය සදහා වන ශ්‍රී ලංකා – ඊජිප්තු සහයෝගීතා සමුළුව හා එහි ඉදිරි සැසිවාර පිළිබඳව සාකච්චා වී තිබෙනවා.
එමෙන්ම ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීමට ගත හැකි වඩාත් තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හා දෙරට අතර පවතින ආයෝජන හා වෙළෙඳ සබඳතා තවත් ශක්තිමත් කිරීම පිළිබදවත් එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.
මෙම හමුවේදී අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඊජිප්තුවෙන් ලොකු ලූණු ආනයනය කිරීමේ අවස්ථාව සොයා බැලූ අතර තානාපතිවරයා එවැනි ආනයන සඳහා සහාය වීමට කැමැත්ත පළ කර තිබෙනවා.
රටේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කළ තානාපතිවරයා ඊජිප්තු රජය ඊජිප්තුවේ දුප්පත්කම තුරන් කිරීම සඳහා “විනීත ජීවිතය” නමින් වැඩසටහනක් හඳුන්වා දී ඇති බවයි එහිදී සඳහන් කර ඇත්තේ..
දිළිඳුකම පිටුදැකීම සම්බන්ධයෙන් දෙරටේ අත්දැකීම් හුවමාරු කර ගන්නා ලෙසද ඊජිප්තු තානාපතිවරයා අදාල සාකච්චාවේදී යෝජනා කර තිබෙනවා.