ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී ඊයේ අවසන් වුණා.
දින 06 ක් පුරා පැවති මෙම තරගාවලිය සඳහා දිවයිනේ පළාත් 09 ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8500 කට අධික ප්‍රමාණයක් සහභාගි වීම විශේෂත්වයක්.
මෙවර තරගාවලියේ බාලක අංශයේ පිහිනුම් ශූරතාවය අඛණ්ඩව 20 වැනි වරටත් දිනාගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමත් වුණා
අනුශූරතාව දිනා ගනු ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයයි.
බාලිකා අංශයේ ශූරතාවය ලකුණු කොළඹ කාන්තා විද්‍යාලය ලබාගැනීමට සමත් වූ අතර එහි අනුශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලටයි.
මිශ්‍ර පාසල් ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමි වූ අතර අනුශූරතාව ලකුණු ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමි කර ගනු ලැබුවා.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.
උණුසුම් පුවත්
- ඉන්දුනීසියාවේ ටැනිම්බාර්හි ප්‍රභල භූ කපනයක් !
- විපක්ෂ නායකගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක් !
- හිතවත්කම් බැහැ – හරි විදියට වැඩ කරන්න අගමැතිනිය සැර වෙයි
- මැලේසියාවේ දී අල්ලපු පාතාල සෙට් එක ගැන හරිම තොරතුරු මෙන්න
- පරණ ලොක්කන්ගේ සල්ලි මගඩි හොයන්න ආණ්ඩුවේ ප්‍රභලයෙක් සාක්කි දෙයි
- මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තිදෙනෙක්ට ඇප
- හිටපු ඇමැති ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
- අජිත් පී. ගේ තැන මරික්කාර්ට