ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී ඊයේ අවසන් වුණා.
දින 06 ක් පුරා පැවති මෙම තරගාවලිය සඳහා දිවයිනේ පළාත් 09 ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8500 කට අධික ප්‍රමාණයක් සහභාගි වීම විශේෂත්වයක්.
මෙවර තරගාවලියේ බාලක අංශයේ පිහිනුම් ශූරතාවය අඛණ්ඩව 20 වැනි වරටත් දිනාගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමත් වුණා
අනුශූරතාව දිනා ගනු ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයයි.
බාලිකා අංශයේ ශූරතාවය ලකුණු කොළඹ කාන්තා විද්‍යාලය ලබාගැනීමට සමත් වූ අතර එහි අනුශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලටයි.
මිශ්‍ර පාසල් ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමි වූ අතර අනුශූරතාව ලකුණු ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමි කර ගනු ලැබුවා.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.
උණුසුම් පුවත්
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
- කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
- ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
- ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට














