දන්කොටුව හාල්දඬුවන ප්රදේශයේ පිහිටි මාළු අපනයනය කරන කර්මාන්ත ශාලාවක හදිසියේ ඇති වූ කිසියම් විෂ දුමාරයක් හේතුවෙන් සේවක සේවිකාවන් 31 දෙනෙකු ප්රතිකාර සඳහා වෙන්නප්පුව සහ ලුණුවිල ප්රාදේශීය රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.
මාළු තොග ගබඩා කර ඇති අධි ශීතකරණ ආශ්රිතව ඊයේ පස්වරුවේ මෙම විෂ දුමාරය හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
රෝහල් ගත කළ පුද්ගලයින්ගේ තත්වය බරපතල නොවන අතර සේවිකාවන් 23 දෙනෙකු ඊයේ රාත්රිය වන විට ප්රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.