මෙරට ඉරාන තානාපති ආචාර්ය ඒ ඩෙල්ක්‍රොෂ් මහතාට පහර දුන් පුද්ගලයකු කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තානාපතිවරයා කොළඹ සාප්පු සංකීර්ණයක රථගාලට රථය ඇතුල් කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එහිදී එම පුද්ගලයා තානාපතිවරයාට පහරදී එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
එහිදි තානාපතිවරයා සිය මෝටර් රථයෙන් බිමට බැස පලායාමට උත්සාහ දරන මෝටර් රථය නැවත්වීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු විසින් මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ධාවනය කර ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ හත වෝඩ් පෙදෙසේ පදිංචි වයස අවුරුදු තිස්තුනක පුද්ගලයෙක් .
සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා රක්ෂිත බන්දනාගාර ගත කර තිබෙනවා.
උණුසුම් පුවත්
- චෙම්මනි සමූහ මිනිවලෙන් මිනිස් සිරුරු 90 කට අදාළ අස්ථි කොටස් මතුකර ගනියි
- වනවාසී රාහුල හිමියන්ගෙන් ඇමැති ලාල්කාන්තට අභියෝගයක්
- ළිඳකට වැටී වන අලියෙකු මරුට – තවත් අලියෙක් බේරෙයි
- ගැබ්බර මුවදෙන ඝාතනය කළ සැකකරුවන්ට අධිකරණයෙන් ලැබුණු නියෝගය
- මහනුවර නගරයේ සාමකාමී විරෝධතාවයක්
- නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සබරගමු පළාතට අදාළ සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී
- නීතිවිරෝධීව ධීවර කටයුතු කළ 65 දෙනෙකු නාවික හමුදා භාරයට
- ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක