මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 34 දෙනෙකු ප්රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
පසුගිය ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් 38 දෙනෙකු ඉදිරිපත්ව සිටියා.
කෙසේවෙතත් ප්රචාරක වියදම් වාර්තා දී ඇත්තේ අපේක්ෂකයින් 4 දෙනෙකු පමණක් බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.
මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන 13 වැනිදාට පෙර, එම වාර්තා ලබාදිය යුතුවනවා.
අදාළ කාලසීමාව තුළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද මැතිවරණ කොමිසම සඳහන් කළා.
කොමිසම පැවසුවේ ලබන 13 වනදාට පසු වාර්තා ලබා දුන්න ද, එය නීතිවිරෝධී ක්රියා යටතේ ගෙන දඬුවම් ලබාදෙන බවයි