විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ගමනට සහාය පළ කිරීම සඳහා ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රිය බන්දු අද (01) විපක්ෂ නායකවරයා හමුවී සමගි ජන බලවේගය හා එක්වී ඇත.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඔහුව දේශීය හා විදේශීයව ජාතික සමගිය, සාමය, සංහිඳියාව ඇතිකිරීමේ සමගි ජන බලවේග කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කළ බව වාර්තා වේ.

1971 අප්‍රේල් මස 24 වැනි දින මෙළොව එළිය දුටු ඔහු මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හදාරා අනතුරුව යුද හමුදාවේ ආධුනික කැඩෙට්වරයකු ලෙස හමුදාවට එක්ව දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා හමුදා සේවයට අවශ්‍ය ඉහළම සුදුසුකම් සපුරා ගැනීමට සමත්ව තිබෙනවා.

යුද හමුදාවේ සේවය කරන කාලය තුළ ඔහු පෙන්වූ දක්ෂතා හේතුවෙන් රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් ද්විත්වයෙන් දෙවරක් පිදුම් ලැබූ අතර, ඊට අමතරව දේශපුත්‍ර සම්මානය, රිවිරැස මෙහෙයුම් පදක්කම, පුර්ණ භූමි පදක්කම ආදී සම්මාන හා පදක්කම් රාශියකින් ද ඔහු පිදුම් ලබා තිබෙනවා.

WhatsApp Group

Skip to content