
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නවතම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පසුගිය පැය 24 තුළ වාර්තා වූ අධික වර්ෂාපතනය හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසයි මෙම නිවේදනයේ දක්වා ඇත්තේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දෙරණියගල, අරණායක, යටියන්තොට, දෙහිඕවිට යන ප්‍රදේශ සදහා ඉවත්ව යාමේ රත නිවේදන නිකුත් කර තිfිබනවා. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව, කොත්මලේ බටහිර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රදේශ සදහාද නිකුත් කර ඇත්තේ ඉවත්ව යාමේ රතු නිවේදනයි.













