නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වුණා.
අද දින කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය වෙන්කර තිබුණා.
කෙසේ වෙතත් අප පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේ පාර්ලිමේන්තුව අද පෙරවරු 11.14 ට අත්හිටුවා ඉන් අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ඉල්ලීමක් පරිදි පක්ෂ නායක රැස්වීමක් කැඳවූ බවයි.
අදාළ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත්තේ අද දිනයේදී මෙන්ම එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා දින 3 ක් විවාද කොට එම අවසන් දිනයේදී සවස 4.30 ට ඊට අදාළ ඡන්දය පැවැත්වීමටයි.
මේ වන විට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඪදසජැ ක්‍මඑ – ලක්ෂ්මන් කිරිඇල්ල












