යල කන්නයේ වගා හානි සිදුවු ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර හෙට සිදුකිරීමට නියමිතයි.
මෙහිදී රුපියල් මිලියන 389ක් ගොවීන් අතරේ බෙදාදීමට පියවර ගන්නා බවයි රක්ෂණ මණ්ඩලය සදහන් කළේ.
ඒ අනුව ගොවීන් 250 දෙනෙකු සදහා වන්දි පිරිනැමීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියගයෙන් හානියට පත්ව තිබුණා.
එමෙන්ම අධික වර්ෂාවත් සමග අස්වැන්න නෙළිමට නොහැකි වීමෙන් කුඹුරු අක්කර 11000ක් විනාශ වී ඇති බවට හානි තක්සේරු කර තිබෙනවා.











