හැටන් කම්කරු කාර්යාලය අසල කුණුකසළ ගොඩගැසීම හේතුවෙන් එම කාර්යාලයේ සේවය කරන පිරිස් මෙන්ම ඒ අවට ප්‍රදේශවල ජනතාවද දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.
එම ප්‍රදේශයේ සමහර පිරිස් විසින් මෙම ස්ථානයේ කුණු කසළ ගොඩගැසීමත් සමග එම ප්‍රදේශය තුළ මැසි මදුරු උවදුරුද දැඩි ලෙස ඉහළ යාමත් සමග එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයටද විවිධ තර්ජන එල්ලවීමේ අවදානමක්ද මතුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයේන අදහස් දක්වන එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසන්නේ මෙම ස්ථානයේ කසළ දැමීම තහනම් බවට දැන්වීම් සවිකර තිබුණද එය නොතකා සමහර පිරිස් මෙම ස්ථානයේ කසළ දැමීම සිදුකරන බවත් මෙම ස්ථානයේ ගොඩගැසෙන කසළ හැටන් දික්ඔය නගර සභාවේ සේවක පිරිස් විසින් නිසි ලෙස ඉවත් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වයන් උදාවී ඇති බවත්ය.
මෙම ස්ථානයේ කසළ ගොඩගැසීම හේතුවෙන් මැසි මදුරු උවදුරද දැඩි ලෙස ඉහළ යාමත් සමග තම සෞඛ්‍යයටද විවිධ තර්ජන එල්ලවීමේ අවදානමක් පවතින බවයි එම පිරිස් වැඩිදුරටත් පවසන්නේ.
මෙම තත්ත්වයන් පිළිබඳ කරන ලද විමසීමකදී අදහස් දැක්වූ හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියෙකු කියා සිටියේ මෙම ස්ථානයේ ගොඩගැසෙන කසළ නිසිලෙස ඉවත් කිරීමට අදාළ සේවක පිරිස්වලට උපදෙස් ලබාදීමට පියවර ගන්නා බවයි.














