දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමග පැවති තෙවන හා අවසන් විස්සයි විස්ස තරඟ කඩුළු 4න් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2ට එකක් ලෙස ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි.
මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලද පළමු ජයග්‍රහණයද වනවා.
තුන්වන විස්සයි විස්ස තරඟයේ පළමුවේ පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 155ක් රැස් කළා.
එහිදී දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාට් ලකුණු 56ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 24ට කඩුළු 3ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 156ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු ලකුණු 73ක් රැස් කිරීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- කලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
- මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
- රජයෙන් සුපර් ඇප් එකක්
- අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
- ප්රවීණ රංගන ශිල්පී නලීන් ප්රදීප් උඩවෙල අභාවප්රාප්ත වෙයි
- පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
- විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්රායලය අවධානයෙන්