තලෙයිමන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේදී අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ඊයේ (29) දින අත්අඩංගුවට ගත් බවට නවික හමුදාව පවසනවා.
උතුරුමැද සහ උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසියකදී මෙලෙස ඉන්දීය ධීවරයින් සහ ධීවර යාත්‍රාව සමගින් ධීවර ආම්පන් හා මසුන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ධීවරයින් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් ධීවර පරීක්ෂක කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.