2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා දින නියම කර තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ලබන නොවැම්බර් මස දස වැනිදා සිට දෙසැම්බර් මස පස් වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවයි. මේ අතර අද සිට ලබන ජූලි මස 21 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය මගින් විභාගය සදහා අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ඉන්දුනීසියාවේ සහාය
- ගොඩගැසී ඇති නඩු භාණ්ඩ සම්බන්ධයෙන් දැනුම්දීමක්
- සුඩානයේ නායයාමකින් දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
- විෂ වායූ ආඝ්‍රහණය වූ 32 ක් රෝහලට
- කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ සඳහා ටෙන්ඩර් කැඳවයි
- 11 හැවිරිදි පිරිමි ළමයකු වෙඩි තබා ඝාතනය කෙරේ
- සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්
- බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් 585ක්