2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළා.
අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වාරයේදී පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළා.
එහිදි වැඩිදුරටත් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්්‍ය හරිනි අමරසූරිය මෙනවිය කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගය සමග ඇති වූ අර්බුදය හේතුවෙන් අධිකරණය මගින් ප්‍රතිඵල ඇගයීම් කටයුතු අත්හිටුවීමට ලබාදුන් නියෝගය හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට කල් ගත වූ බවයි.