2024 වසරේ නොවැම්බර් මස සිට මේ වසරේ ඔක්තෝබර් මස දක්වා වූ කාළය තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනය පිළිබඳ පැමිණිලි 2,183ක් වාර්තා වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ජාතික කාන්තා කමිටුවේ 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක සේවය හරහා මෙම පැමිණිලි ලැබී ඇති බවයි එම අමාත්‍යංශය සදහන් කලේ.
ඒ අතුරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගණයේ වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 1,488 ක්
මීට අමතරව සයිබර් අපරාධ ගණයේ පැමිණිලි 234 ක් වාර්තා වී ඇති අතර දූෂණය පිළිබඳව පැමිණිලි ද 7ක්ද වාර්තා වී තිබෙනවා.
එළැඹෙන නොවැම්බර් 25 වනදාට යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්ව තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයෙන් ඇරඹෙන ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 වැඩපිළිවෙළ ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සදහන් කලා.













