2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ලබන දා හතර වැනිදා සිට විසි අට වැනිදා දක්වා සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ප්‍රතිඵල පිළිබඳ කිසියම් විමසීමක් අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් හෝ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල ශාඛාවේ දුරකතන අංක වන 0112-785922, 0112-784208, 0112-786616 සහ 0112- 784537 යන දුරකතන අංක ඇමතිමෙන්ද විමසීම් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. 2024 – සාමාන්‍ය පෙළ විභාගය පසුගිය වසරේ මාර්තු මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,664 කදී පැවැත් වුණා. ඒ සඳහා සිසුන් හාර ලක්ෂ 74,147 දෙනෙකු පෙනී සිටි අතර, ඔවුන් අතුරින් තුන් ලක්ෂ 98,182 දෙනෙකු පාසල් අයදුම්කරුවන්. මේ අතර සියලුම විදුහලිපතිවරුන්ට අයදුම්පත් එවීම සඳහා මේ වන විටත් ලබා දී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බා ගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ අතර සියලුම පළාත් සහ කලාප අධ්‍යපන අධ්‍යක්ෂකවරුන්ටද පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර සියලු පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල බා ගත කර කිරීමේ හැකියාව ද සලසා දී තිබෙනවා. සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ටද සිය විභාග අංකය හෝ ජාතික හැදුරුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල සටහනක් බා ගත කර ගැනීමට හෝ නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා ඇතැයිද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. එලෙස ලබා ගන්නා මුද්‍රිත ප්‍රතිඵල සටහන් උසස් පෙළ පන්ති සඳහා ඇතුළත්වීමට වලංගු ලේඛනයක් ලෙස පිළිගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතද, නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම විභාගයේ සහතික පත් ලබන දා හතර වැනි සඳුදා සිට මාර්ග ගතක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් සලසා තිබෙනවා.
උණුසුම් පුවත්
- හිටපු ඇමැති මර්වින්ට එරෙහි නඩුවකට අධිකරණයෙන් ලැබුණු නියෝගය
- දකුණ ගිනියම් වෙයි – කොස්ගොඩ වෙඩි තැබීමක්
- මාලිමාවට බලය හිමි නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ පළමු මාසික සභාව අද
- සංවර්ධන සැලසුම් වහාම කියන්න – මාතර ප්‍රභලයා ආණ්ඩුවට කියයි
- එකම පවුලේ සිව්දෙනෙක් අනතුරක – 4 හැවිරිදි දරුවෙක් මරුට
- ගංවතුරෙන් පස් දෙනෙක් එළොව යයි !
- අපි පළාත් පාලන මන්ත්‍රී ධූර ලබා දුන් ආකාරය වැරදියි – එජාප උප සභාපති කියයි
- ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී