2023 අලුත් සහල් මංගල්‍යයේ සම්ප්‍රදායික වතාවත් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියසින් අද ආරම්භ වුණා.
ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩදී සමාරම්භක කිරි ආහාර පූජාව සිදු කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින්.
මහ කන්නයේ අස්වැන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජාා කිරීමේ, අලුත් සහල් මංගල්‍යය හෙට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
2022/23 මහ කන්නයේ සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජනතාව විසින් සිය අස්වැන්නේ පළමු කොටස ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම උදෙසා අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබනවා.