ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස නව ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලාංකික ක්‍රිඩකයින් කිහිප දෙනෙකු ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස් විස්සයි විස්ස පන්දු පිතිකරු ලැයිස්තුවේ පියවර 4කින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු එම ලැයිස්තුවේ 30 වන ස්ථානයේ රැදී සිටිනවා.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක චරිත් අසලංක ද නව පන්දුවාර 20 පිතිකරුවන් වර්ගීකරණයේ පියවර 7කින් ඉදිරියට පැමිණ තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව චරිත්ට හිමිව ඇත්තේ 33 වන ස්ථානයයි.
මේ අතර ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රිඩකයින් වර්ගීකරණයේ පියවර තුනක් ඉදිරියට පැමිණිමට දසුන් ශානක සමත්ව තිබෙනවා. ඒ අනුව ඔහු නවතම පන්දුවාර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රිඩකයින් වර්ගීකරණයේ 20 වන ස්ථානයේ රැදී සිටිනවා.













