ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති 69 වැනි තරඟයෙන් පංජාබ් කණ්ඩායම පරාජය කරමින් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණේ.
මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 214ක් රැස් කළා.
එහිදී ප්‍රබ්සිම්රන් සිං පන්දු 45දී ලකුණු 71ක් රැස් කළා.
පන්දු යැවීමේදී ටී නටරාජන් ලකුණු 33ට කඩුලු 2ක් බිඳ හෙලූ අතර, නායක පැට් කමින්ස් හා විජයකාන්ත් වියස්කාන්ත් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 215ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
උණුසුම් පුවත්
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
- පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
- හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට














